ගී පද
රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්
බියද දැනේ දුකද දැනේ
රුදුරු උනේ ඇයි හිමි සදුනේ
රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්
රාත්‍රිය වී .............
පතා පැමිණි සුර පුරවර
වෙලා ගැනුනි ඝණ කළුවර ...//
දෑස පුරා දුටු සිනා කවට කෙළි
කදුළු කතාවක කෙළවර
අසන් හිමියනේ
කාට කියන්නද මේ දුක ඔබ හැර
රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්
කළා සොලොස පිරි පුර හද
අතැර ගොසිනි සිය පිය බද ...//
එදා දෙඩූ මුදු වදන් අසන්නට
බලා හිදී සිත පිළිසිද
අසන් හිමියනේ
කාට කියන්නද මේ දුක ඔබ හැර
රාත්‍රිය වී .../