රාත්‍රිය වී raathriya wii

Raathriya Vee

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
සුනිල් R ගමගේsunil r gamagee

Lyrics

රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්  
බියද දැනේ දුකද දැනේ
රුදුරු උනේ ඇයි හිමි සදුනේ
රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්
රාත්‍රිය වී .............

පතා පැමිණි සුර පුරවර
වෙලා ගැනුනි ඝණ කළුවර ...//
දෑස පුරා දුටු සිනා කවට කෙළි
කදුළු කතාවක කෙළවර
අසන් හිමියනේ
කාට කියන්නද මේ දුක ඔබ හැර
රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්

කළා සොලොස පිරි පුර හද
අතැර ගොසිනි සිය පිය බද ...//
එදා ‍දෙඩූ මුදු වදන් අසන්නට
බලා හිදී සිත පිළිසිද
අසන් හිමියනේ
කාට කියන්නද මේ දුක ඔබ හැර

රාත්‍රිය වී .../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.