ගී පද
පුතේ අද නුඹේ සුන්දරම දවසයි
ඇගේ අතිනත ගන්න මොහොතයි
මගෙන් ලද ආදරේ සෙනෙහස
(මෙතැන් සිට නුඹ ඇයට දිය යුතු වෙයි......//)
උල්පතක් හැර ගලන ගඟුලක්
ලෝකයට සැනසුම සදයි
ගසක් අතු ඉති පල දැරූවත්
ගසට නොව එය ලොවටමයි
මමත් දුක් විඳ නුඹව හැදුවත් අද පටන්
නුඹ ඇය වෙතම භාරයි.......
මේ හිරුත් සඳ තරුත් බබලවන්නේ
ඇගේ ප්‍රේමයේ අනුහසයි
ලොවට ප්‍රේමය උරුම කෙරුවේ
ගැහැණියක කරුණාවමයි
පුතේ ඒ අද දිවිතුරාවට
අත් නොහැර තව රැක ගතම යුතු වෙයි..........
පුතේ අද නුඹේ.........