පුතේ අද නුඹේ සුන්දරම දවසයිputhee adha numbee sundharama dhawasayi

Puthe Ada Nube Sundarama Dawasai

Music:
දර්ශන රුවන් දිසානායකdharshana ruwan dhisaanaayaka
Lyrics:
අමිල තේනුවරamila theenuwara

Lyrics

පුතේ අද නුඹේ සුන්දරම දවසයි
ඇගේ අතිනත ගන්න මොහොතයි
මගෙන් ලද ආදරේ සෙනෙහස
(මෙතැන් සිට නුඹ ඇයට දිය යුතු වෙයි......//)

උල්පතක් හැර ගලන ගඟුලක් 
ලෝකයට සැනසුම සදයි
ගසක් අතු ඉති පල දැරූවත් 
ගසට නොව එය ලොවටමයි
මමත් දුක් විඳ නුඹව හැදුවත් අද පටන් 
නුඹ ඇය වෙතම භාරයි.......

මේ හිරුත් සඳ තරුත් බබලවන්නේ
ඇගේ ප්‍රේමයේ අනුහසයි
ලොවට ප්‍රේමය උරුම කෙරුවේ
ගැහැණියක කරුණාවමයි
පුතේ ඒ අද දිවිතුරාවට 
අත් නොහැර තව රැක ගතම යුතු වෙයි..........

පුතේ අද නුඹේ.........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.