ප්‍රේම කතාවකpreema kathaawaka

Prema Kathawaka

ගී පද

ප්‍රේම කතාවක චරිත දෙකක් අපි 
විරහ ගීතයක පේළි දෙකක් අපි

බාධා වැට කොටු දුෂ්ඨ චරිත නැහැ
සියල්ල සතුටින් හමාර වෙනවා
ආසිරි ගී මැද සීන සැබෑ වී
පෝරුව මතු පිට සිත් යාවෙනවා

දුක්බර වස්  දඬු වැළපෙන වීණා
තව හද පාරන රාව නැගෙනවා
අකුරින් අකුරට ගැයෙනා ගීයෙන්
පාළුව තනිකම පිරී ඉතිරෙනවා