Lyrics
ප්‍රේම කතාවක චරිත දෙකක් අපි
විරහ ගීතයක පේළි දෙකක් අපි
බාධා වැට කොටු දුෂ්ඨ චරිත නැහැ
සියල්ල සතුටින් හමාර වෙනවා
ආසිරි ගී මැද සීන සැබෑ වී
පෝරුව මතු පිට සිත් යාවෙනවා
දුක්බර වස් දඬු වැළපෙන වීණා
තව හද පාරන රාව නැගෙනවා
අකුරින් අකුරට ගැයෙනා ගීයෙන්
පාළුව තනිකම පිරී ඉතිරෙනවා