ගී පද
පොඩි මල් එතනෝ - සුරතල් එතනෝ
කාට ඇසෙන්නද ළදේ - කදිමට කවි කියන්නේ
හිඳ තනියම ගංතෙරේ - පොඩි මල් එතනා - සුරතල් එතනා
අතු අග සිටින ඒ - රණ ගිරවිට නැටෙන සේ
කියන්න කවි මේ ලෙසේ - නිකමට හිතුණා
හා හා ඔය බොරු එපා - දන්නව මම ඔය උපා
මට අහගෙන ඉන්නනේ කවිය කියන්නේ - සුරතල් එතනා
අහසේ හිරු බැස යතේ - කුරුලෝ ඉගිලී යතේ
ගඟ දිය සුළඟින් ඇදෙයි - බලන්න මහිමේ
හැබැහට ලස්සන තමයි - එතනගෙ රුව කදිම මැයි
මුහුණ පොසොන් සඳ වගේ - රැස් විහිදෙන්නා
මගෙ හැඩ මොකටද අනේ - නොකියනු දැන් එය අනේ
බලන්න හිරු ගිලුණනේ - අඳුරත් වැටුණා
පොඩි එතනා බය හැඩයි - සඳ අර අහසේ නැගෙයි
මා නිතරම ඔබ ළඟයි - මගෙ මල් එතනෝ
පීනමු පෙමි සාගරේ - එතෙනට යමු දෙව් පුරේ
නෙක සිරි සැප විදිමිනේ - ප්‍රේමෙනෙ සැමදා