පොඩි මල් එතනෝpodi mal ethanoo

Podi mal ethano

Music:
ආනන්ද සමරකෝන්aanandha samarakoon

Lyrics

පොඩි මල් එතනෝ - සුරතල් එතනෝ
කාට ඇසෙන්නද ළදේ - කදිමට කවි කියන්නේ
හිඳ තනියම ගංතෙරේ -  පොඩි මල් එතනා - සුරතල් එතනා

අතු අග සිටින ඒ - රණ ගිරවිට නැටෙන සේ 
කියන්න කවි මේ ලෙසේ - නිකමට හිතුණා

හා හා ඔය බොරු එපා -  දන්නව මම ඔය උපා
මට අහගෙන ඉන්නනේ කවිය කියන්නේ - සුරතල් එතනා

අහසේ හිරු බැස යතේ - කුරුලෝ ඉගිලී යතේ
ගඟ දිය සුළඟින් ඇදෙයි - බලන්න මහිමේ

හැබැහට ලස්සන තමයි - එතනගෙ රුව කදිම මැයි
මුහුණ පොසොන් සඳ වගේ - රැස් විහිදෙන්නා

මගෙ හැඩ මොකටද අනේ - නොකියනු දැන් එය අනේ
බලන්න හිරු ගිලුණනේ - අඳුරත් වැටුණා

පොඩි එතනා බය හැඩයි - සඳ අර අහසේ නැගෙයි
මා නිතරම ඔබ ළඟයි - මගෙ මල් එතනෝ

පීනමු පෙමි සාගරේ - එතෙනට යමු දෙව් පුරේ
නෙක සිරි සැප විදිමිනේ - ප්‍රේමෙනෙ සැමදා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.