පිතු සෙනෙහේ පිදුpithu senehee pidhu

Pithu Senehe Pidu

ගී පද

පිතු සෙනෙහේ පිදු 
පියෙකු නොමැති ලොව
දු දරුවන් හිනැහී ඇතිදෝ 
උන්ගේ සිත රැඳී තනිය මකන්නට 
මව්නට කවදා හැකි වේදෝ 

හිරු මඬලක් සේ කිරණ බෙදා දී 
නුග සෙවණක් සේ සිසිල සදා දී 
ජිවිතයේ බර උරින් දරා 
පියවරුමයි ලොව මහ සයුරක් වී 
පොළොව නිවාලන්නේ 

පිතු සෙනෙහේ...

මෙත් මුදිතා ගුණ සිතෙහි දරා 
පෙරුම් පුරා එන සසර පුරා 
අම්මාවරු මතු බුදුවන්නේ 
පියවරුමයි ලොව බුදුවන මව්නට 
ඒ විවරණ දෙන්නේ 

පිතු සෙනෙහේ...