පින්සාර කවිකාරිpinsaara kawikaari

Pinsara Kavikari

සංගීතය:
අමිල රසාංගamila rasaanga
පද රචනය:
රිචර්ඩ් මානමුදලිrichard maanamudhali

ගී පද

ජිවිතේම කවියක් වෙලා 
නුඹේ තාලයෙන් මා මත් කලා 
අත පොවනු බැරි හිතක මා හිර කලා 
හිස මිසක වත සිඹිනු මට බැරි කලා 
ගජමන් නුඹයි ප්‍රේමියේ 
නෑ දුටුවේ නුඹ මාගේ පින්සාර හද මන්දිරේ 
කවි පද පමණි තාලේ හොර රහසේ නුඹ ගෙන ගියේ 

හිස කුරුටු ගෑ හසුන සුලඟේ ගියා 
රන් කොල වියූ දෑත දුරු රට ගියා 
උඩු වියනෙ මල් සුවඳ තව දැනෙනවා 
හැමදාම රෑ හීනෙ නුඹ නිදනවා    

ජිවිතේම කවියක් වෙලා 
නුඹේ තාලයෙන් මා මත් කලා 
අත පොවනු බැරි හිතක මා හිර කලා 
හිස මිසක වත සිඹිනු මට බැරි කලා 
ගජමන් නුඹයි ප්‍රේමියේ 
නෑ දුටුවේ නුඹ මාගේ පින්සාර හද මන්දිරේ 
කවි පද පමණි තාලේ හොර රහසේ නුඹ ගෙන ගියේ