පිණිබිදු මුතුමල්pinibidhu muthumal

Pinibidu Muthumal

පද රචනය:
ජෝජ් රොබ්සන් ද සිල්වාjooj robsan dha silwaa

ගී පද

පිණිබිදු මුතුමල් සැණකෙළියේ 
අරුණෝදදේ දිනකර නැගෙනා 
දවසේ මෙහෙවර පිණිස නික්ම යන 
සොයුරු සොයුරියෝ - වාසනා...//

අරුණ කිරණ විල තඹුරු පිපීලා 
නවමු පැතුම් හද උපදින්නේ 
රට දැය නැගුමට උරදෙන දන 
හද සිතුම් පැතුම් හැම ඉටුවන්නේ...//

ශ්‍රමය සවිය අද දවස ඔබගේ
ඉසුරු සදයි මතු අනාගතේ
තම සතු මෙහෙවර ඉටු කොට දවසේ 
පලක් ගැනුම ඇත ඔබේ අතේ....