Lyrics
පිණිබිදු මුතුමල් සැණකෙළියේ
අරුණෝදදේ දිනකර නැගෙනා
දවසේ මෙහෙවර පිණිස නික්ම යන
සොයුරු සොයුරියෝ - වාසනා...//
අරුණ කිරණ විල තඹුරු පිපීලා
නවමු පැතුම් හද උපදින්නේ
රට දැය නැගුමට උරදෙන දන
හද සිතුම් පැතුම් හැම ඉටුවන්නේ...//
ශ්‍රමය සවිය අද දවස ඔබගේ
ඉසුරු සදයි මතු අනාගතේ
තම සතු මෙහෙවර ඉටු කොට දවසේ
පලක් ගැනුම ඇත ඔබේ අතේ....