පෙම්බර හිතකට ලෙන්ගතු ඇරයුම්pembara hithakata lengathu aerayum

Pembara Hithakata Lengathu Arayum

ගී පද

(පෙම්බර හිතකට ලෙන්ගතු ඇරයුම් 
ඇත්තටමද ඔබ කීවේ මෙලෙසින්
ඇස් දෙක ඉඟි කළ කතන්දරේ පෙම්
මට විතරද තව කීවද රහසින්.....//)

(මගේ සිත ළඟට හොරෙන් ඔබේ සිත ගෙනා ඉනාවා
දෙනෙතේ නුරා කැළුම් දැක සිත පෙමින් බැඳේයා....//)
ආදරයේ හැඟුමින් මගේ සිත මුකුලිත වේ නම්
(ලෙන්ගතුකම ගැන කියන්න හදනා රහස දනී මං....//)

පෙම්බර හිතකට.....

(මල වට බඹරිඳු මෙන් මගේ සිත ඔබට බැඳේ නම්
සෙනෙහස පිරුණු සිතින් කළ ඇරයුම පිළිගන්නම්....//)
ඔබේ මුව සරසන සුපෙම් හිනාවට හද කැලමේ නම්
(පායා එන්න මගේ මැදුරට පුරහඳ ඔබ නම්....//)

පෙම්බර හිතකට.....//