Lyrics
(පෙම්බර හිතකට ලෙන්ගතු ඇරයුම්
ඇත්තටමද ඔබ කීවේ මෙලෙසින්
ඇස් දෙක ඉඟි කළ කතන්දරේ පෙම්
මට විතරද තව කීවද රහසින්.....//)
(මගේ සිත ළඟට හොරෙන් ඔබේ සිත ගෙනා ඉනාවා
දෙනෙතේ නුරා කැළුම් දැක සිත පෙමින් බැඳේයා....//)
ආදරයේ හැඟුමින් මගේ සිත මුකුලිත වේ නම්
(ලෙන්ගතුකම ගැන කියන්න හදනා රහස දනී මං....//)
පෙම්බර හිතකට.....
(මල වට බඹරිඳු මෙන් මගේ සිත ඔබට බැඳේ නම්
සෙනෙහස පිරුණු සිතින් කළ ඇරයුම පිළිගන්නම්....//)
ඔබේ මුව සරසන සුපෙම් හිනාවට හද කැලමේ නම්
(පායා එන්න මගේ මැදුරට පුරහඳ ඔබ නම්....//)
පෙම්බර හිතකට.....//