ගී පද
පායාවී නෙතු මායාවී
ආදරේ පෑව සේයාවී
වීනාවී සනසාවී
ජීවිතේ දුන්නු මා දේවී
මේ ප්‍රේමේ පුරා
මාගේ විනේක යාමේ පුරා
ආයාචනා සීත් ආරාධනා
මා හා ගෙවා යන්න දී වේදනා
පානා සිනා
හිතක් පාව ආවානේ
හදත් සීත වී මාගේ
දිනක් ඒවි මේ වාගේ ආයේ
ගිලෙම් ආල සීරාවේ
යලිත් ඕනේ ඈ වාගේ
නුඹයි නේද ප්‍රේමාවී මාගේ
මේ ප්‍රේමේ පුරා....
සඳක් සේ සිතේ පාවේ
වසන් වී නොයන් ආයේ
නුඹයි ආදරේ සිත්තරාවී
දුරක් යන්න ආශාවේ
සිතින් සිත් රැඳී පාවේ
අතින් අත් අරන් ආයේ ආයේ
මේ ප්‍රේමේ පුරා....