පායාවීpaayaawii

Payavi

Music:
විරාජ් බාතියwiraaj baathiya
Lyrics:
අකිල රොද්‍රිගෝakila rodhrigoo

Lyrics

පායාවී නෙතු මායාවී 
ආදරේ පෑව සේයාවී 
වීනාවී සනසාවී 
ජීවිතේ දුන්නු මා දේවී 

මේ ප්‍රේමේ පුරා 
මාගේ විනේක යාමේ පුරා      
ආයාචනා සීත් ආරාධනා 
මා හා ගෙවා යන්න දී වේදනා
පානා සිනා

හිතක් පාව ආවානේ 
හදත් සීත වී මාගේ  
දිනක් ඒවි මේ වාගේ ආයේ 
ගිලෙම් ආල සීරාවේ 
යලිත් ඕනේ ඈ වාගේ    
නුඹයි නේද ප්‍රේමාවී මාගේ 

මේ ප්‍රේමේ පුරා....

සඳක් සේ සිතේ පාවේ  
වසන් වී නොයන් ආයේ 
නුඹයි ආදරේ සිත්තරාවී 
දුරක් යන්න ආශාවේ 
සිතින් සිත් රැඳී පාවේ 
අතින් අත් අරන් ආයේ ආයේ

මේ ප්‍රේමේ පුරා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.