ගී පද
පායන්න සඳ සේ ඔයා
තරු අහසේ රැජිණක් වෙලා
සිත් අහස මට පවරලා
බැස යන්න එපා සඳ නිසා......
හොරැහින් එබිලා තුරුලේ රැඳිලා
මතකය ඔබේ ආදරේ
කිසිදාක මැකිලා නොයන් සොඳුරියේ
(මං ආදරෙයි පණ වගේ.......//)
පායන්න සඳ.........
කඳුලින් පිරුණු කඳුලින් පෙඟුණු
මගේ ජීවිතේ ඔයා
පහනක් සේ එළිය කළේ මං
(සඳමාලියේ ඒ ඔයා.....//)
පායන්න සඳ........