ගී පද
පාවෙන වලා අතර
ඔබ සැගවී ඔබ හිනැහී
සෙනෙහස කිමැයි කියා
ඔබ දවසක් තරුවත ලියුවා
මම වරුවක්ඒ ගැන ඇහුවා
ඔබ සිනාසුනා පමණයි....
රමණීය මේ මධුර ජවනිකා
වන පෙත එකළු කරයි කුරුළු ගීතිකා...//)
ඇල දොළ ගලා බසීවි
වන මල් රේණු නෙලාලා....
පාවෙන වලා අතර.....
ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම්
ලා හිරු ගලන පැයේ මා හිනැහෙන්නම් //
ජීවන මිහිර කියා දුන්
ඔබෙ ළය පහන් කරන්නම්....
පාවෙන වලා අතර ...