පාවෙන වලා අතර ඔබ සැඟවී ඔබ හිනැහීpaawena walaa athara oba saengawii oba hinaehii

Pawena Wala Athara Oba Sangawi Oba Hinahi

Lyrics

පාවෙන වලා අතර 
ඔබ සැගවී ඔබ හිනැහී
සෙනෙහස කිමැයි කියා
ඔබ දවසක් තරුවත ලියුවා
මම වරුවක්ඒ ගැන ඇහුවා
ඔබ සිනාසුනා පමණයි....

රමණීය මේ මධුර ජවනිකා
වන පෙත එකළු කරයි කුරුළු ගීතිකා...//)
ඇල දොළ ගලා බසීවි 
වන මල් රේණු නෙලාලා....

පාවෙන වලා අතර..... 

ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම්
ලා හිරු ගලන පැයේ මා හිනැහෙන්නම් //
ජීවන මිහිර කියා දුන්
ඔබෙ ළය පහන් කරන්නම්.... 

පාවෙන වලා අතර ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.