සම්බුදු තෙමඟුල අදයිsambudhu themangula adhayi

පස්මහ බැලුම් - Pasmaha Belum

ගී පද

පස්මහ බැලුම් හෙළමින් නිසි     කාලයට
පින්වත් මව් කුසක් ලැබ පිළිසිඳ     සොඳට
මනරම් ලුම්බිණිය සිරියෙන් එකලු     කොට
කුමරුන් උපන්නා වෙසඟේ සිරිය     මැද

තුන්කල් මාළිඟා රජ සැප විඳ     හිඳිමින්
ප්රේමෙන් බැදී බිම්බා දේවිය     සමඟින්
නහවා කිඹුල්වත් පුර වැසියන්     සතුටින්
කුමරුන් වැජඹුණා කිත්ගොස    පතුරවමින්

කාලය අැවෑමෙන් ඔහු දෛවය     පැමිණ
සතර පෙර නිමිති දැක සිත     කලකිරුණ
නේරංජනා ගං තීරෙන් එතෙර     උණ
අභිනික්මන් කළේ මඟ සෙව්මට     නිවණ

හිමිගිය මගේ දුක් කරදර බොහෝ     විය
අවසානයේ ඔහු සෙව්මඟ විවර     විය
අළුයම් යාමයේ තුන් නැණ පහළ     විය
කෙලෙසුන්  නසා දෙව් නඳ මැද බුදු    වීය

තුන් ලෝ සතුන් අමදම් කිරණින්      නහවා
කරුණා නෙත් යොමා සැම වෙත මෙත් වැඩුවා
කෙළවර සසර නිවනට මඟ     පෑදූවා
හිමි සඳ සැතපුණා මුළු ලොව කම්පා කරවා