Lyrics
පස්මහ බැලුම් හෙළමින් නිසි කාලයට
පින්වත් මව් කුසක් ලැබ පිළිසිඳ සොඳට
මනරම් ලුම්බිණිය සිරියෙන් එකලු කොට
කුමරුන් උපන්නා වෙසඟේ සිරිය මැද
තුන්කල් මාළිඟා රජ සැප විඳ හිඳිමින්
ප්රේමෙන් බැදී බිම්බා දේවිය සමඟින්
නහවා කිඹුල්වත් පුර වැසියන් සතුටින්
කුමරුන් වැජඹුණා කිත්ගොස පතුරවමින්
කාලය අැවෑමෙන් ඔහු දෛවය පැමිණ
සතර පෙර නිමිති දැක සිත කලකිරුණ
නේරංජනා ගං තීරෙන් එතෙර උණ
අභිනික්මන් කළේ මඟ සෙව්මට නිවණ
හිමිගිය මගේ දුක් කරදර බොහෝ විය
අවසානයේ ඔහු සෙව්මඟ විවර විය
අළුයම් යාමයේ තුන් නැණ පහළ විය
කෙලෙසුන් නසා දෙව් නඳ මැද බුදු වීය
තුන් ලෝ සතුන් අමදම් කිරණින් නහවා
කරුණා නෙත් යොමා සැම වෙත මෙත් වැඩුවා
කෙළවර සසර නිවනට මඟ පෑදූවා
හිමි සඳ සැතපුණා මුළු ලොව කම්පා කරවා