ගී පද
පරම පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
කදුළු ගංගා ගලා යන යාමේ
අතීතයේ අප පෙම සමරන්නට
ඔබේ සුවදවත් මගේ තනියටනෑ
බිදුණු සුවහස් ප්‍රාර්ථනා නාමෙන්
සෝ සුසුම් හද පෙළන තනි යහනේ
ඔබේ රුව හෝ මවා ගන්නට
ඔබේ ඡායා හිතේ ඇදිලා නෑ
පරම පිවිතුරු...
මගේ කුළුදුල් ප්‍රේමයේ නාමෙන්
පසුතැවිල්ලෙන් පෙළෙන මේ යාමේ
මගේ දුක මට කියා ගන්නට
ඔබව හමුවන වරම් අද මට නෑ
පරම පිවිතුරු...