පරම පිවිතුරුparama piwithuru

Parama Pivithuru

Music:
ප්‍රියනාත් රත්නායකpriyanaath rathnaayaka
Lyrics:
සම්පත් බංඩාරsampath bandaara

Lyrics

පරම පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
කදුළු ගංගා ගලා යන යාමේ
අතීතයේ අප පෙම සමරන්නට
ඔබේ සුවදවත් මගේ තනියටනෑ

බිදුණු සුවහස් ප්‍රාර්ථනා නාමෙන්
සෝ සුසුම් හද පෙළන තනි යහනේ
ඔබේ රුව හෝ මවා ගන්නට
ඔබේ ඡායා හිතේ ඇදිලා නෑ

පරම පිවිතුරු...

මගේ කුළුදුල් ප්‍රේමයේ නාමෙන්
පසුතැවිල්ලෙන් පෙළෙන මේ යාමේ
මගේ දුක මට කියා ගන්නට
ඔබව හමුවන වරම් අද මට නෑ

පරම පිවිතුරු...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.