පැහැසර සිත ලඟ මම අද නවතින්නම්paehaesara sitha langa mama adha nawathinnam

Pahasara Sitha Laga Mama

ගී පද

පැහැසර සිත ලඟ මම අද නවතින්නම්
සදාකාලික ප් ‍රේමය සිතේ දරා
මගෙ ජීවිතයම බාරයි නුඹට සදා
පෙරුම් පුරනා මේ සංසාරෙ පුරා

සෙවනැල්ල වී නුඹ මාගෙ සදා
ලඟ ඉන්න හැර යන්නෙපා මා
කවදාකවත් නුඹ හැර නොයමි මා
නුඹ මාගෙ ආත්මය වීලා

පෙරුමන් පුරා හැම භවේ
මේ ලෙසම හමු වෙමු ආයේ
හද සන් ‍තකේ නෑ ඉඩක් 
තවකෙකුට මේ සංසාරේ

පැහැසර සිත ලඟ...

කල් ‍යාණියේ නුඹ මට දුන් සෙනෙහේ
මගෙ හුස්ම හා සම වැදිලා
සැනසීම නුඹගෙන් මට හිමි උනා
නොසිතු ලෙසේ මුණගහිලා 

පෙරුමන් පුරා....

පැහැසර සිත ලඟ.....