Lyrics
පැහැසර සිත ලඟ මම අද නවතින්නම්
සදාකාලික ප් රේමය සිතේ දරා
මගෙ ජීවිතයම බාරයි නුඹට සදා
පෙරුම් පුරනා මේ සංසාරෙ පුරා
සෙවනැල්ල වී නුඹ මාගෙ සදා
ලඟ ඉන්න හැර යන්නෙපා මා
කවදාකවත් නුඹ හැර නොයමි මා
නුඹ මාගෙ ආත්මය වීලා
පෙරුමන් පුරා හැම භවේ
මේ ලෙසම හමු වෙමු ආයේ
හද සන් තකේ නෑ ඉඩක්
තවකෙකුට මේ සංසාරේ
පැහැසර සිත ලඟ...
කල් යාණියේ නුඹ මට දුන් සෙනෙහේ
මගෙ හුස්ම හා සම වැදිලා
සැනසීම නුඹගෙන් මට හිමි උනා
නොසිතු ලෙසේ මුණගහිලා
පෙරුමන් පුරා....
පැහැසර සිත ලඟ.....