ගී පද
ඔය ඇස් දෙකට පෙම් කෙරුවෙ මං රත්තරං
නොහැගෙනා සේ හිඳින්‍නේ කෙසේදෝ ඉතිං
දෑත ලබගන්න පෙරුමන් පුරන්නේ සිතින්
දිවි තුරා ඔබට මං ආදරෙයි රත්තරං
කඳුලැල් පිරී මා දෙනෙත් බොඳ වෙලා
සුසුමන් නැගේ හදවතේ රෑ පුරා //
හෙට දිනේ හමුවෙලා කියන්නට හිතයි ආදරේ
සෙනෙහසින් ළං වෙලා ගෙවන්නට හිතයි ජීවිතේ
පැරදී නැතේ මා ලොවේ කිසි දිනේ
වැරදී ගියොත් සතුට නෑ ජිවිතේ //
හෙට දිනේ හමුවෙලා කියන්නට හිතයි ආදරේ
සෙනෙහසින් ළං වෙලා ගෙවන්නට හිතයි ජීවිතේ