ඔය ඇස් ‍දෙකට ‍පෙම් ‍කෙරු‍වෙoya aes dhekata pem keruwe

Oya Es Dekata Pem Keruwe

Lyrics

ඔය ඇස් ‍දෙකට ‍පෙම් ‍කෙරු‍වෙ මං රත්තරං
නොහැ‍ගෙනා ‍සේ හිඳින්‍‍නේ ‍කෙ‍සේ‍දෝ ඉතිං
දෑත ලබගන්න  ‍පෙරුමන් පුරන්නේ සිතින්
දිවි තුරා ඔබට මං ආද‍රෙයි රත්තරං

කඳුලැල් පිරී මා ‍දෙ‍නෙත් ‍බොඳ ‍වෙලා
සුසුමන් නැගේ හදව‍තේ රෑ පුරා //
‍හෙට දිනේ හමු‍වෙලා කියන්නට හිතයි ආද‍රේ
සෙ‍නෙහසින් ළං ‍වෙලා ගෙවන්නට හිතයි ජීවි‍තේ

පැරදී නැ‍තේ මා ‍ලො‍වේ කිසි දිනේ
වැරදී ගි‍යොත් සතුට නෑ ජිවි‍තේ //
හෙට දි‍නේ හමු‍වෙලා කියන්නට හිතයි ආද‍රේ
‍සෙ‍නෙහසින් ළං ‍වෙලා ගෙවන්නට හිතයි ජීවි‍තේ 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.