ගී පද
ඔය බැල්ම ඔය කැල්ම නිලුපුල් නෙතේ
පුබුදාවි මල් මාගෙ නොඉඳුල් සිතේ
සඳ රැල්ල දිය වැල්ල ඉපිලී ගියා
සැනසෙන්න අප දෙන්නා දිනුවා කියා
සෙවනැල්ල මෙහි ඇල්ම සංසාරයේ
ඔබ මාගේ ආලෝකෙ වේ අන්ධකාරයේ
ගඟුළැල්ලෙ දිය වැල් සේ බැදෙමි ප්‍රියේ
ඔබ මාගෙ උල්පත වේ මේ කාන්තාරයේ
නොකැළැල්ය නොඉඳුල්ය ප්‍රේමේ අපේ
එය දන්න වන විල්හි මානෙල් පිපේ
ගම්මානෙ පෙම් සිහිනෙ එළි වී ඉතින්
වන මල් ද දිය වැල් ද ඉපිලී තුටින්
ලද හින්දා හිත බැන්ද මගෙ රූපිකා
සුරඹන්ද පවසන්නෙ තුටි ගීතිකා
අඹරෝර මනහාර තරුමල් පවා
සන්තෝසෙ පවසාවි දෙවියන් පවා