ඔය බැල්ම ඔය කැල්මoya baelma oya kaelma

Oya Balma Oya Kalma

Lyrics

ඔය බැල්ම ඔය කැල්ම නිලුපුල් නෙතේ
පුබුදාවි මල් මාගෙ නොඉඳුල් සිතේ
සඳ රැල්ල දිය වැල්ල ඉපිලී ගියා
සැනසෙන්න අප දෙන්නා දිනුවා කියා

සෙවනැල්ල මෙහි ඇල්ම සංසාරයේ
ඔබ මාගේ ආලෝකෙ වේ  අන්ධකාරයේ
ගඟුළැල්ලෙ දිය වැල් සේ බැදෙමි ප්‍රියේ
ඔබ මාගෙ උල්පත වේ මේ කාන්තාරයේ
නොකැළැල්ය නොඉඳුල්ය ප්‍රේමේ අපේ
එය දන්න වන විල්හි මානෙල් පිපේ

ගම්මානෙ පෙම් සිහිනෙ එළි වී ඉතින්
වන මල් ද දිය වැල් ද ඉපිලී තුටින්
ලද හින්දා හිත බැන්ද  මගෙ රූපිකා
සුරඹන්ද පවසන්නෙ තුටි ගීතිකා
අඹරෝර මනහාර තරුමල් පවා
සන්තෝසෙ පවසාවි දෙවියන් පවා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.