ගී පද
ඔබ මිරිගුවක්ද මංදා මට දුරයි වගෙද මංදා
කොයි කාට හිමිද මංදා මන් ප්‍රමාදයිද මංදා
තාම කුලුදුල් මේ සෙනෙහේ ඔබට භාරයි ප්‍රේමියේ
වරම් ඇත්නම් හදවතේ ලැගුම් ගන්නම් ජීවිතේ
ආත්ම ගානක් බැඳුනා
මගේ වගේ ඔබ දැනුනා
ජීවිතයේ තනි මැකුනා
අපිට අපිව මුන ගැහුනා...//
පෙම් පාටයි සුදු මුහුණ
හුරු පුරුදුයි ඔය බැල්ම
මට ලැබෙනවා නම් ඔබව
රැක ගන්නම් පණ සේම...//
ආත්ම ගානක් පතාන එනවද මංදා අපි දෙන්නා..
ආත්ම ගානක් බැඳුනා
මගේ වගේ ඔබ දැනුනා
ජීවිතයේ තනි මැකුනා
අපිට අපිව මුන ගැහුනා...//
සංසාරික ආදරය
මේ භවයෙත් මා ලඟය
නුඹෙ වචනය දෙන දිනය
වැඩි ඈතක නෑ වගෙය...//
ආත්ම ගානක් පතාන එනවද මංදා අපි දෙන්නා
මිරිගුවක්ද මංදා
මට දුරයි වගෙද මංදා
කොයි කට හිමිද මංදා
මං ප්‍රමාදයිද මංදා
තාම කුලුදුල් මේ සෙනෙහේ ඔබට භාරයි ප්‍රේමියේ
වරම් ඇත්නම් හදවතේ ලැගුම් ගන්නම් ජීවිතේ
ආත්ම ගානක් බැදුනා....//