ඔබ මිරිගුවක්ද මංදාoba miriguwakdha mandhaa

Oba Miriguwakda Manda

Music:
නිලාන් ප්‍රනාන්දුnilaan pranaandhu
Lyrics:
ඩිලාන් ගමගේdilaan gamagee

Lyrics

ඔබ මිරිගුවක්ද මංදා මට දුරයි වගෙද මංදා 
කොයි කාට හිමිද මංදා මන් ප්‍රමාදයිද මංදා 
තාම කුලුදුල් මේ සෙනෙහේ ඔබට භාරයි ප්‍රේමියේ 
වරම් ඇත්නම් හදවතේ ලැගුම් ගන්නම් ජීවිතේ 

ආත්ම ගානක් බැඳුනා 
මගේ වගේ ඔබ දැනුනා 
ජීවිතයේ තනි මැකුනා 
අපිට අපිව මුන ගැහුනා...//

පෙම් පාටයි සුදු මුහුණ 
හුරු පුරුදුයි ඔය බැල්ම 
මට ලැබෙනවා නම් ඔබව
රැක ගන්නම් පණ සේම...//

ආත්ම ගානක් පතාන එනවද මංදා අපි දෙන්නා.. 

ආත්ම ගානක් බැඳුනා 
මගේ වගේ ඔබ දැනුනා 
ජීවිතයේ තනි මැකුනා 
අපිට අපිව මුන ගැහුනා...//
 
සංසාරික ආදරය
මේ භවයෙත් මා ලඟය 
නුඹෙ වචනය දෙන දිනය 
වැඩි ඈතක නෑ වගෙය...//                           

ආත්ම ගානක් පතාන එනවද මංදා අපි දෙන්නා

මිරිගුවක්ද මංදා
මට දුරයි වගෙද මංදා
කොයි කට හිමිද මංදා
මං ප්‍රමාදයිද මංදා

තාම කුලුදුල් මේ සෙනෙහේ ඔබට භාරයි ප්‍රේමියේ 
වරම් ඇත්නම් හදවතේ ලැගුම් ගන්නම් ජීවිතේ 

ආත්ම ගානක් බැදුනා....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.