ගී පද
ඔබ මලක් වෙලා වන අරනේ පිපේවී
මා සුළං රැලක් වී ඔබ පිස හමාවී …
පුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවී
මා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී …
සුළඟ වෙසින් මා එන කල
ඔබේ සුවඳ සෑහේ මට
මල් මුව රද ඔබ සමඟයි
මලේ සුවඳ මා අසලයි …
ඔබ මලක් වෙලා …
ගඟක් වෙලා මා යන කල
ඔබේ එළිය සෑහේ මට
පුර හද නිළඹර සමඟයි
සඳේ එළිය මා අසලයි
ඔබ මලක් වෙලා …