ඔබ මලක් වෙලා වන අරනේ පිපේවීoba malak welaa wana aranee pipeewii

Oba Malak Wela

Lyrics

ඔබ මලක් වෙලා වන අරනේ පිපේවී
මා සුළං රැලක් වී ඔබ පිස හමාවී ‍…
පුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවී
මා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී ‍…

සුළඟ වෙසින් මා එන කල
ඔබේ සුවඳ සෑහේ මට
මල් මුව රද ඔබ සමඟයි
මලේ සුවඳ මා අසලයි ‍…

ඔබ මලක් වෙලා ‍…

ගඟක් වෙලා මා යන කල
ඔබේ එළිය සෑහේ මට
පුර හද නිළඹර සමඟයි
සඳේ එළිය මා අසලයි

ඔබ මලක් වෙලා ‍…

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.