ඔබ මා තුරුළේoba maa thurulee

Oba Ma Thurule

සංගීතය:
අමරදේව W Damaradheewa w d
පද රචනය:
අමරදේව W Damaradheewa w d

ගී පද

ඔබ මා - තුරුළේ -ගී ගයනා වේලේ
මේ වනරොද මට ස්වර්ග රාජ්‍යයි
මේ වනරොද මට ස්වර්ග රාජ්‍යයි
සුරංගනාවියනේ - සුරංගනාවියනේ
සුරාවිතයි -  ගී පොතයි අතින් ගෙන 
සුරාවිතයි -  ගී පොතයි අතින් ගෙන
තුරු වදුළේ නිල් සෙවනැල්ලේ

අද අප ජීවිත - සුමිහිරි වේ නම්
මළ ඊයේ ගැන ඇයි  ළත වෙන්නේ
අද අප ජීවිත - සුමිහිරි වේ නම්
නූපන් හෙට ගැන ඇයි වෙහෙසෙන්නේ
යළි කිව යුතු නෑ කාලය යනවා
දෙපා යටින් රිංගා
ගෙනෙනු මැනවි මට පමා නොවී දැන්
ඔබේ සුරා විත පුරවාලා