Lyrics
ඔබ මා - තුරුළේ -ගී ගයනා වේලේ
මේ වනරොද මට ස්වර්ග රාජ්‍යයි
මේ වනරොද මට ස්වර්ග රාජ්‍යයි
සුරංගනාවියනේ - සුරංගනාවියනේ
සුරාවිතයි - ගී පොතයි අතින් ගෙන
සුරාවිතයි - ගී පොතයි අතින් ගෙන
තුරු වදුළේ නිල් සෙවනැල්ලේ
අද අප ජීවිත - සුමිහිරි වේ නම්
මළ ඊයේ ගැන ඇයි ළත වෙන්නේ
අද අප ජීවිත - සුමිහිරි වේ නම්
නූපන් හෙට ගැන ඇයි වෙහෙසෙන්නේ
යළි කිව යුතු නෑ කාලය යනවා
දෙපා යටින් රිංගා
ගෙනෙනු මැනවි මට පමා නොවී දැන්
ඔබේ සුරා විත පුරවාලා