ඔබ ලඟ නෑ ආදරේoba langa nae aadharee

Oba Laga Naa Adare

සංගීතය:
චන්දන වල්පොලchandhana walpola
පද රචනය:
අයෝද්‍ය ප්‍රනාන්දුayoodhya pranaandhu

ගී පද

ඔබ ලඟ නෑ ආදරේ 
මා සොයනා ආදරේ 
හඳුනන්නේ නෑ ඔබ සැබෑ ආදරේ
ඇති තෙක් මගෙ ජීවිතේ 
ඔබටයි මං ආදරේ 
ඔබ දන්නේ නෑ මගේ ආදරේ

තනිකම දැනුනා මගේ ජීවිතේ 
සිහිනෙන් පෙනුනා ඔබව තුන්යමේ
සියොලඟ සැලුනා සිහිවෙලා මෙසේ 
කවදා හඳුනාවිදෝ මගේ ආදරේ 

ඔබ ලඟ නෑ ආදරේ....

ඔබ ලඟ නැතිදා ගෙවන ජීවිතේ 
අරුතක් නම් නෑ නොලැබ ආදරේ 
හදවත රිදුනා කඳුළු දී නෙතේ 
හැරදා ඔබ යාවිදෝ නොදී ආදරේ

ඔබ ලඟ නෑ ආදරේ....