ඔබ ලඟ නෑ ආදරේoba langa nae aadharee

Oba Laga Naa Adare

Music:
චන්දන වල්පොලchandhana walpola
Lyrics:
අයෝද්‍ය ප්‍රනාන්දුayoodhya pranaandhu

Lyrics

ඔබ ලඟ නෑ ආදරේ 
මා සොයනා ආදරේ 
හඳුනන්නේ නෑ ඔබ සැබෑ ආදරේ
ඇති තෙක් මගෙ ජීවිතේ 
ඔබටයි මං ආදරේ 
ඔබ දන්නේ නෑ මගේ ආදරේ

තනිකම දැනුනා මගේ ජීවිතේ 
සිහිනෙන් පෙනුනා ඔබව තුන්යමේ
සියොලඟ සැලුනා සිහිවෙලා මෙසේ 
කවදා හඳුනාවිදෝ මගේ ආදරේ 

ඔබ ලඟ නෑ ආදරේ....

ඔබ ලඟ නැතිදා ගෙවන ජීවිතේ 
අරුතක් නම් නෑ නොලැබ ආදරේ 
හදවත රිදුනා කඳුළු දී නෙතේ 
හැරදා ඔබ යාවිදෝ නොදී ආදරේ

ඔබ ලඟ නෑ ආදරේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.