ඔබ ගාව මට ඉන්න නැතිදෝ වරම්oba gaawa mata inna naethidhoo waram

Oba Gawa Mata Inna Nathido Waram

ගී පද

ඔබ ගාව මට ඉන්න නැතිදෝ වරම්
දැන් ඔබ ඉන්නේ කෙලෙසින්ද වෙන්වී ගිහින්
මට නොකියාම හැරදාලා ගියදා පටන්
මම තනිවෙන්නේ හැමදාම ඔබ නැති සොවින් //
ඔබ ගාව මට ඉන්න නැතිදෝ වරම්

ලෝකය අසයි මසිත ගොළුවී තියෙයි
රහසින් හඬයි දෑස කඳුළින් තෙමෙයි
ආදරය කළේ ඇයිද රිදවන්නනම්
මෙතුවක් කලක් ඇයිද සිටියේ ළඟින්
බ ඇයි උන්නේ ළංවීලා මට ආදරෙන්

හැරදා ගියත් මසිත ඔබ ගැන සොයයි
සිහිනෙන් දකී සිතට සංතාප වෙයි
සැනසෙන්න මතු දිනක සුපුරුදු ලෙසින්
දැන් ඔබ ගත්ත සිත දෙන්න දෙවියන් නමින් //

ඔබ ගාව මට ඉන්න ....