Lyrics
ඔබ ගාව මට ඉන්න නැතිදෝ වරම්
දැන් ඔබ ඉන්නේ කෙලෙසින්ද වෙන්වී ගිහින්
මට නොකියාම හැරදාලා ගියදා පටන්
මම තනිවෙන්නේ හැමදාම ඔබ නැති සොවින් //
ඔබ ගාව මට ඉන්න නැතිදෝ වරම්
ලෝකය අසයි මසිත ගොළුවී තියෙයි
රහසින් හඬයි දෑස කඳුළින් තෙමෙයි
ආදරය කළේ ඇයිද රිදවන්නනම්
මෙතුවක් කලක් ඇයිද සිටියේ ළඟින්
බ ඇයි උන්නේ ළංවීලා මට ආදරෙන්
හැරදා ගියත් මසිත ඔබ ගැන සොයයි
සිහිනෙන් දකී සිතට සංතාප වෙයි
සැනසෙන්න මතු දිනක සුපුරුදු ලෙසින්
දැන් ඔබ ගත්ත සිත දෙන්න දෙවියන් නමින් //
ඔබ ගාව මට ඉන්න ....