ඔබ අසා සිටී නම් මම මෙසේ කියන්නම්oba asaa sitii nam mama mesee kiyannam

Oba Asa Siti Nam Mama Mese Kiyannam

ගී පද

(ඔබ අසා සිටී නම් මම මෙසේ කියන්නම් 
මගේ හිතේ ඔබට තිබෙන ආදරේ තරම්...//) 

අපාර මහා සාගරේ.... 
අපාර මහා සාගරේ නැගෙන රැලි තරම් 
ඔබට තිබෙන ආදරේ...
ප්‍රියේ ඒ තරම්
 
ඔබ අසා සිටී නම් මම මෙසේ කියන්නම් 
මගේ හිතේ ඔබට තිබෙන ආදරේ තරම්
 
අපරිමාණ අම්බරේ..... 
අපරිමාණ අම්බරේ දිලෙන තරු තරම් 
ඔබට තිබෙන ආදරේ...
ප්‍රියේ ඒ තරම්

ඔබ අසා සිටී නම් මම මෙසේ කියන්නම් 
මගේ හිතේ ඔබට තිබෙන ආදරේ තරම්
 
වනන්තරේ  නිරන්තරේ.... 
වනන්තරේ නිරන්තරේ පිපෙන මල් තරම් 
ඔබට තිබෙන ආදරේ... 
ප්‍රියේ ඒ තරම්

(ඔබ අසා සිටී නම් මම මෙසේ කියන්නම් 
මගේ හිතේ ඔබට තිබෙන ආදරේ තරම්...//)