Lyrics
(ඔබ අසා සිටී නම් මම මෙසේ කියන්නම්
මගේ හිතේ ඔබට තිබෙන ආදරේ තරම්...//)
අපාර මහා සාගරේ....
අපාර මහා සාගරේ නැගෙන රැලි තරම්
ඔබට තිබෙන ආදරේ...
ප්‍රියේ ඒ තරම්
ඔබ අසා සිටී නම් මම මෙසේ කියන්නම්
මගේ හිතේ ඔබට තිබෙන ආදරේ තරම්
අපරිමාණ අම්බරේ.....
අපරිමාණ අම්බරේ දිලෙන තරු තරම්
ඔබට තිබෙන ආදරේ...
ප්‍රියේ ඒ තරම්
ඔබ අසා සිටී නම් මම මෙසේ කියන්නම්
මගේ හිතේ ඔබට තිබෙන ආදරේ තරම්
වනන්තරේ නිරන්තරේ....
වනන්තරේ නිරන්තරේ පිපෙන මල් තරම්
ඔබට තිබෙන ආදරේ...
ප්‍රියේ ඒ තරම්
(ඔබ අසා සිටී නම් මම මෙසේ කියන්නම්
මගේ හිතේ ඔබට තිබෙන ආදරේ තරම්...//)