නුඹ වැළඳ නැලවෙන්න (කිරිල්ලියෝ ටෙලි නාට්‍ය ගීතය)numba waelanda naelawenna (kirilliyoo teli naatya giithaya)

Nuba Walanda Nalawenna (Kirilliyo Teledrama Song)

සංගීතය:
සදීප්ත ගුණවර්ධනsadhiiptha gunawardhhana
පද රචනය:
කාංචනා අනුරාධි ප්‍රනාන්දුkaanchanaa anuraadhhi pranaandhu

ගී පද

නුඹ වැළඳ නැලවෙන්න බෑ නුඹ දුරයි 
ඔය දෑස හෙමි හෙමින් මොනවද කියයි 
නුඹ දුටුව මුල් දිනය මතකෙට නැගෙයි 
සිනා මල් එකිනෙක මං ළඟ පිපෙයි 
කඳුලු මල් ඉකිබිඳින වස්සානයයි   
හුදෙකලා හීනයක මගෙ හිත නිවෙයි 
අපේ මුව ගොළු වුනත් නුඹ මට ප්‍රියයි 
ඉගිලෙන්න තටු සලා සීමා නැතෙයි 
නුඹ වැළඳ නැලවෙන්න බෑ නුඹ දුරයි 
ඔය දෑස හෙමි හෙමින් මොනවද කියයි 

අපි අපිට අහිමිවන මොහොතට බයයි 
හෙට පිපෙන මල් පාට බොඳවී පෙනෙයි 
විකසිතව යන මලක සුවඳත් සොයයි 
කිසිවක්ම නොකියාම කඳුලුත් හඬයි 

නුඹ වැළඳ නැලවෙන්න බෑ......