Lyrics
නුඹ වැළඳ නැලවෙන්න බෑ නුඹ දුරයි
ඔය දෑස හෙමි හෙමින් මොනවද කියයි
නුඹ දුටුව මුල් දිනය මතකෙට නැගෙයි
සිනා මල් එකිනෙක මං ළඟ පිපෙයි
කඳුලු මල් ඉකිබිඳින වස්සානයයි
හුදෙකලා හීනයක මගෙ හිත නිවෙයි
අපේ මුව ගොළු වුනත් නුඹ මට ප්‍රියයි
ඉගිලෙන්න තටු සලා සීමා නැතෙයි
නුඹ වැළඳ නැලවෙන්න බෑ නුඹ දුරයි
ඔය දෑස හෙමි හෙමින් මොනවද කියයි
අපි අපිට අහිමිවන මොහොතට බයයි
හෙට පිපෙන මල් පාට බොඳවී පෙනෙයි
විකසිතව යන මලක සුවඳත් සොයයි
කිසිවක්ම නොකියාම කඳුලුත් හඬයි
නුඹ වැළඳ නැලවෙන්න බෑ......