නුඹ මට හමු නොවුනා නම්numba mata hamu nowunaa nam

Nuba Mata Hamu Nounanam

සංගීතය:
විපුල් නවඳගලwipul nawandagala
පද රචනය:
විපුල් නවඳගලwipul nawandagala

ගී පද

නුඹ මට හමු නොවුනා නම් මා නුඹට පෙම් නොකළා නම්
මා දමා නොයා ළඟ සිටියා නම් 
(මේ තරම් දුක නෑ//)
නුඹ මට හමු නොවුනා නම්...

ගොම්මන් කළුවර ඇවිදින් හිරු යන්න ගියා සඳ ඇවිදින්//
සිත් මල් ඇහැරී පර වී පෙම්බර සිතුවිලි සැණින් නිමෙන්නට
නුඹ ඇවිදින් මා හඬවයි...

නුඹ මට හමු නොවුනා නම්...

ඔබ යන්න ගියා සිත දවමින් මගේ නෙතට කඳුළු මල් ගෙනවිත්//
තරු මල් ඇහැරී හිනැහී පෙම්බර සිතුවිලි සැණින් නිමෙන්නට
නුඹ ඇවිදින් මා රිදවයි...

නුඹ මට හමු නොවුනා නම්...