Lyrics
නුඹ මට හමු නොවුනා නම් මා නුඹට පෙම් නොකළා නම්
මා දමා නොයා ළඟ සිටියා නම්
(මේ තරම් දුක නෑ//)
නුඹ මට හමු නොවුනා නම්...
ගොම්මන් කළුවර ඇවිදින් හිරු යන්න ගියා සඳ ඇවිදින්//
සිත් මල් ඇහැරී පර වී පෙම්බර සිතුවිලි සැණින් නිමෙන්නට
නුඹ ඇවිදින් මා හඬවයි...
නුඹ මට හමු නොවුනා නම්...
ඔබ යන්න ගියා සිත දවමින් මගේ නෙතට කඳුළු මල් ගෙනවිත්//
තරු මල් ඇහැරී හිනැහී පෙම්බර සිතුවිලි සැණින් නිමෙන්නට
නුඹ ඇවිදින් මා රිදවයි...
නුඹ මට හමු නොවුනා නම්...