ගී පද
නොවිඳිනා දුක් වින්ඳ තරම්
ඔබ හින්දා බෑ දරාගන්න ජීවිතේ
බොදවෙලා නෙතු හැඬුව තරම්
ඔබ හින්දා බෑ හදාගන්න හිත මගේ
ඔබ නමින් මා පැතුව පැතුම් සුන්වීලා
සුළඟේ පාවෙලා ගිහින් මා
නොමැරීම මැරි මැරී හිනැහුනා
කොහොම හැඬුවත් දුක් වෙවී මගෙ නොවන බවමා දනී
සොවොම සනසන්න හිනැහුනී මගෙ හිත තවම ඉකිබිදි
ඔබට මා පෙම් කෙරුව හදින් සුබ පතමි
ඔබෙ නමින් මතු සදා හිඳිමි මා
තනිවුණු මතකයේ තනිවෙලා
ආදරේ මට පෙනි පෙනී ඈතටම යයි ඇදි ඇදී
දුක නිවාගන්න වෙහෙසුනි මගෙ හිත තවම ගිනිගනී
ඔබට මා පෙම් කෙරුව ....
නොවිඳිනා දුක් ....