නොවිඳිනා දුක් වින්ඳ තරම්nowindinaa dhuk winnda tharam

Nowidina Duk Winda Tharam

Lyrics

නොවිඳිනා දුක් වින්ඳ තරම්
ඔබ හින්දා බෑ  දරාගන්න ජීවිතේ
බොදවෙලා නෙතු හැඬුව තරම්
ඔබ හින්දා බෑ හදාගන්න හිත මගේ
ඔබ නමින් මා පැතුව පැතුම් සුන්වීලා
සුළඟේ පාවෙලා ගිහින් මා
නොමැරීම මැරි මැරී  හිනැහුනා

කොහොම හැඬුවත් දුක් වෙවී මගෙ නොවන බවමා දනී
සොවොම සනසන්න හිනැහුනී මගෙ හිත තවම ඉකිබිදි

ඔබට මා පෙම් කෙරුව හදින් සුබ පතමි
ඔබෙ නමින් මතු සදා හිඳිමි මා
තනිවුණු මතකයේ තනිවෙලා

ආදරේ මට පෙනි පෙනී ඈතටම යයි ඇදි ඇදී
දුක නිවාගන්න වෙහෙසුනි මගෙ හිත තවම ගිනිගනී

ඔබට මා පෙම් කෙරුව ....

නොවිඳිනා දුක් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.