නිසංසලේ අපි හමුවෙලාnisansalee api hamuwelaa

Nisansale Api Hamuwela

සංගීතය:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana
පද රචනය:
ෂෙල්ටන් විජේරත්නsheltan wijeerathna

ගී පද

නිසංසලේ අපි හමුවෙලා
තැනක තනිවෙලා පාළුවේ
ඉතින් සිනාසෙමු සැනසිලා
ලොවට සඟවලා ආදරේ...//

සඳක් වලා ගැබ තනිවෙලා
ලොවට ඉඟි කලා පායලා
තුරු ලතා සීත මද නලෙන්
මුසුව විසිරිලා ගීතිකා...

නිසංසලේ අපි...

දසන්තයේ පිණි අතුරලා
අඳුර ගොළු වෙලා මාරුතේ
මග බලා දෑස තනිවෙලා
සබඳ එනතුරා මාවතේ...

නිසංසලේ අපි...//