නිසංසලේ අපි හමුවෙලාnisansalee api hamuwelaa

Nisansale Api Hamuwela

Music:
ක්ලැරන්ස් විජේවර්ධනklaerans wijeewardhhana
Lyrics:
ෂෙල්ටන් විජේරත්නsheltan wijeerathna

Lyrics

නිසංසලේ අපි හමුවෙලා
තැනක තනිවෙලා පාළුවේ
ඉතින් සිනාසෙමු සැනසිලා
ලොවට සඟවලා ආදරේ...//

සඳක් වලා ගැබ තනිවෙලා
ලොවට ඉඟි කලා පායලා
තුරු ලතා සීත මද නලෙන්
මුසුව විසිරිලා ගීතිකා...

නිසංසලේ අපි...

දසන්තයේ පිණි අතුරලා
අඳුර ගොළු වෙලා මාරුතේ
මග බලා දෑස තනිවෙලා
සබඳ එනතුරා මාවතේ...

නිසංසලේ අපි...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.