නිමල මෝක්ෂ ප්‍රකාශnimala mooksha prakaasha

Nimala Moksha Prakasha

ගී පද

නිමල මෝක්ෂ ප්‍රකාශ 
ත්‍රෛලෝක්‍ය බබුලුවා බුදු ඒ සුගතීන්ද්‍ර....//
පෙබල සතුරු මාර පරාක්‍රම 
ජය ගත් ඒ බල සමින්ද්‍ර....//

සතුරු මාර සෙනඟට කිපි දහස් ගණන් 
හෙණ හඬ ගුගුරන විලසට...//
ඇතා පිටින් වැටුණයි 
ඒ අධිපති මාරයා දෙරණා....//

ආර බලැති මාර උන්නැහේ 
බොහොම වික්‍රම ඇති ඒ උන්නැහේ....//
ගිරි මේඛල හස්ති රාජ 
පිට පැන නැගී මාර උන්නැහේ.....//

අහස පොළොව ගුගුරුවමින් 
එකකුගේ වෙස් එකෙක් නොගෙන....//
සිටි සිටි තැන උඩුකුරුවෙන් 
දෙරණත වැටිලා අළු විය.....//